
Get clients in any niche!
Delegate the launch of advertising to us — for free
Learn more
25.8

Advertising on the Telegram channel «𝐒𝐂𝐈𝐄𝐍𝐂𝐄 𝐅𝐀𝐂𝐓𝐒🧬🔬»
4.7
7
Education
Language:
Sinhala
531
5
Science Facts SL is one of the leading educational and scientific telegram channel in Sri Lanka. The Best Place to publish your golden Ads & achieve your targets.
#customeristheking
Share
Add to favorite
Buy advertising in this channel
Placement Format:
keyboard_arrow_down
- 1/24
- 2/48
- 3/72
- Native
- 7 days
- Forwards
1 hour in the top / 24 hours in the feed
Quantity
%keyboard_arrow_down
- 1
- 2
- 3
- 4
- 5
- 8
- 10
- 15
Advertising publication cost
local_activity
$7.20$7.20local_mall
0.0%
Remaining at this price:0
Recent Channel Posts
imageImage preview is unavailable
වයිබ්‍රේටර් මුලින්ම නිපදවා ඇත්තේ වෛද්‍ය උපකරණයක් ලෙසය. 😱🎤
"හිස්ටීරියාව" හෝ විවිධ කාන්තා ආබාධ සඳහා ප්‍රතිකාරයක් ලෙස වයිබ්‍රේටර් 1869 දී සොයා ගන්නා ලදී. 🚫
කාන්තාවක් මානසිකව හෝ චිත්තවේගීයව දැඩිව කලබල වී ඇති බව වාර්තා කළ විට එය රෝගයක් ලෙස සලකා, එයට ප්‍රතිකාර ලෙස ලිංගික අවයව සම්බාහනය කිරීම සඳහා එකල මේවා භාවිතා විය. 😉
ගෑණු ළමයි තමයි මේවා ගැන දන්නේ... 😐𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
1891
09:31
15.04.2025
imageImage preview is unavailable
රිය පැදවීමේදී කෙටි පණිවිඩ යැවීම හේතුවෙන් එක්සත් ජනපදයේ පමණක් සෑම වසරකම පුද්ගලයින් 6,000 ක් මිය යති. 📞💔
Don't do this 👊𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
2584
14:13
14.04.2025
imageImage preview is unavailable
☀️උදාවූ සිංහල / හින්දු අලුත් අවුරුද්ද, ඔබගේ සහ පවුලේ සැමගේ සියලු යහපත් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා...! 💝 🎆
මෙදා සැරේ අවුරුදු ජයද? 🙂❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
2863
01:00
14.04.2025
imageImage preview is unavailable
🇪🇬පුරාණ ඊජිප්තුවේ බළලුන් පූජනීය වස්තුවක් ලෙස සලකනු ලැබීය.
පවුලක ප්‍රියතම බළලා මිය ගිය විට, මුළු පවුලම ඔවුන්ගේ ඇහි බැම හා රැවුල කපා ඒවා නැවත පෙර පරිදි වැවෙන තුරු ශෝක වෙති. 😅🐈
මම විතරද මුන්ට ආස නැත්තේ 😒𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
2879
17:09
13.04.2025
imageImage preview is unavailable
මෝරුන් යනු ගස් පවා ඇතිවීමට පෙර ලෝකයේ සාගරවල සිටි පුරාණ සතුන් ය. 🦈
ඔවුන් පෘථිවියේ සාගරවල ජීවත් වී ඇත්තේ මිලියන 400 කට වඩා වැඩි කාලයක් තිස්සේය. පළමු ගස් "Archaeopteris" ලෙස හඳුන්වනු ලබන අතර, ඒවා වසර මිලියන 350 කට පෙර ඇතිවිය. 🌿😱
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3092
05:47
13.04.2025
imageImage preview is unavailable
ශ්‍රී ලංකාව තුළ ආරම්භ වන සියලුම අධ්‍යාපනික හා වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා පිළිබඳව තොරතුරු ලද සැනින් එසැනින් දැනගැනීමට එකතුවන්න.
⭕ Foundation Courses ⭕
⭕ Advanced Courses ⭕
⭕ NVQ Courses ⭕
⭕ Diplomas & Degrees ⭕
𝗖𝗼𝘂𝗿𝘀𝗲𝘀 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗧𝗲𝗹𝗲𝗴𝗿𝗮𝗺 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 ⬇️
https://t.me/Courses_SL
JOIN NOW ✅
SHARE AND SUPPORT US! ❤️😇
2736
14:01
12.04.2025
🗓 2025 අප්‍රේල් 12 හැම අවුරුද්දකම වගේ පැහැදිලි අහසක් විය. නමුත් මේ අවුරුද්දේ ලොකු වෙනසක් වෙන්න තිබ්බා. මේ ජීවිතයට අනුව මට වයස දින 6574 ක් ලු. මොකද මට ඒ ගැන කිසිම අදහසක් තිබුණේ නෑ.🥀 ඒත් මම කවදාවත් කාලයට අයිති වුණු මනුස්සයෙක් නෙවේ. හරියට මම පුරාණ ශාපයකට ලක් වුණු කෙනෙක් වගේ. මගේ පවුලේ හැම තරුණයෙකුගෙම පාහේ 18 වෙනි උපන්දිනය යෙදෙන දවසට අහසෙ තරුවක් ඉබේම නැති වෙනවා ලු.🌟 ඒ තරුව නැති වෙනකොට ඔහු හෝ ඇය වෙනස් වෙනවා ලු. වෙනස් කියන මෘදු වචනයට වඩා ඒක අතීතයට සහ අනාගතයට බඳුන් වෙච්ච, කාලයෙන් එහා ගිය ආත්මයකට මග හදලා දෙන්නක්ලු.
මම මගේ දෙමව්පියන්ට කලින් ඉපදුණු කෙනෙක්. මම මගේ ඕපපාතික ජීවිතය ගැන දැනගත්තේ මගේ අම්මාගෙන්. මගේ තාත්තා ඉපදුණාට පසුවයි කාලය ඇරඹුණේ. ඒ නිසාම මාව කවදාවත් කාලය කියන දේට පාලනය කරන්න බැරි වුණු කෙනෙක්. 🚶♂➡️
ඒත් මගේ අම්මාගේ උණුහුම කොහොම ද කියලා වත් මට දැන් මතක නැහැ. ඇයගේ පෙනුම කොහොම ද? ඇය උසද ? කෙට්ටුද ? ඇස්වල පාටවත් හරිහැටි මතකයට ගන්න මට දැන් අපහසුයි. මොකද මේ මිනිස් මොළේට දරාගන්න බැරි මතකයන් ගොඩකින් බර වෙලයි තියෙන්නේ. 🍂
මගේ කතාව දන්න මගේ සෙවණැල්ලම මාව ආමන්ත්‍රණය කරන්නේ දෙවියන් වහන්සේගේ ශාපයට ලක් උනු හැල්මේ යන යුදෙව්වා විදිහටයි. ඒ නිසාම මම මේ තාක් පෘථිවියට කඩාවැටුණු වල්ගාතරුවලින් ඇහුවේ මම හොඳින් ද කියලා විතරයි.✨ ඒකට උත්තරය මම දන්න සාම්ප්‍රදායික දෙයම විය. මට මව් පාර්ශ්වයෙන් මිනිස් ලේ උරුම උනත් දැන් මනුෂ්‍යත්වය ට කිසිම උරුමකමක් කියන්න බැරි කෙනෙක් දෝ කියලා හිතෙනවා. මොකද මිනිහෙක්ට අත්දකින්න බැරි අත්දැකීම් ගොඩක් මම අත්දැකලා තියෙනවා.🐾
ඒ නිසාම මම එක්තරා දවසක මේ සංචාරය නතර කරන්න තීරණය කරා. ඔව් මම එක කාල රාමුවක නැවතුණා. මොකද මට ඒ සදහා උනු ශක්තිය පිය පාර්ශ්වයෙන් ලැබුණා. නමුත් මට මේ ශාපය ගෙන දුන්නු ආදිකල්පික දේව පිය පාර්ශ්වයට අභියෝග කරන්න ඕනි. ඔහු මාව අතරමං කළේ ඇයි ද යන්න දැනගන්න ඕනි වගේම මම නැවතත් මනුෂ්‍යත්වයට හැඩගැහෙන්න ඕනි. හැබැයි ඒක කොහොම වෙයිද? කොයි කාලේ වෙයිද? 🏃♂️ බොහෝවිට හැමදේම එළිවෙන්නේ ක්‍රි.ව. 2025 අවුරුද්දේ මැද කාලය වෙද්දි.
ඔව් ඔව්.😌 ළගදීම සෙලියුලොස් කඩදාසි වලට පත් වෙන කතාව ගැන ඉඟියක් දුන්නේ අද... ඉඟිය දෙන්න හිතුවේ අද මගේ උපන් දිනය යෙදීමත් හන්දා.🎂🎆
කොල්ලා දැන් වයසයි 😂😂 කොච්චර අලුත් අවුරුදු සැමරුවත් තනි තනිව කෙනෙක්ට අලුත් අවුරුද්ද සැමරෙන්නේ උපන් දිනයත් එක්ක. ඉතින් සාමකාමිව සතුටෙන් සමරන උපන් දිනයකට හැඩගැහිලා ඉන්න මට අලුත් පරිච්ඡේදයක් පටන් ගන්න ඕනි කියන උත්තේජනය එන්නෙත් මේ කාලය වෙද්දී. 📆
ඉතින් අද සමාජ මාධ්‍ය සුභ පැතුම්වලින් පිරිලා තියෙන්නේ. පරිසමාප්තියෙන්ම කීවොත් පට්ට සතුටුයි. 🏃❤️ මොකද තමන් වෙනුවෙන් සුභ පතන්න ඒ අය තමන්ගේ කාලයෙන් මොහොතක් වෙන් කළා කියලා දැනෙද්දී...💖
ඉතින් ඉස්සරහටත් ලොකු වැඩ කිහිපයක් එළියට දාන්න නියමිතයි. චැනල් එකත් එක්ක active වෙලා ඉන්න...💠
ඉතින් ආයෙත් කියනවා, ගොඩක් ස්තූතියි හැම විෂ් එකකටම. 😌❤️
💬ඕනි දෙයක් අහන්න ngl එකෙන්. වැදගත් ප්‍රශ්නයක් උනොත් පිළිතුරු හෑල්ලකින් හරි දානවා.
📎 https://ngl.link/janiru_ransith07
✍️ Janiru Ransith
❤️ 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3279
06:03
12.04.2025
ඩයර් වුල්ෆ් 🐺
මේ දවස් ටිකේ ලෝකයේම කළඹපු ප්‍රවෘත්තිය නොවෑ මේක. ගොඩ දෙනෙක් Inbox ඇවිල්ලා ඉල්ලීම් කරා මේක ගැන සටහනක් ලියන්ට කියලා. කාර්යබහුල ජීවිතයට පයින් ගහලා මන් ලියනවා හෑල්ල එහෙනම්.🫂
හිච්චි කාලේ මුලින්ම ක්ලෝනකරණය ගැන මම උනන්දු උනේ ජුරාසික් පාර්ක් එකට පිං සිද්ධ වෙන්න. ඒ කාලේම හිතාගත්තා වඳ වුණු සත්තුන්ට පණ දෙන්න මම ජාන තාක්ෂණ විද්‍යාඥවරයෙක් වෙනවා කියලා.😂 අවාසනාවකට මගේ ඒ හීනේ වෙනස් උනා.🏃♂️ වාසනාවක්ද මන්දා මගේ මිතුරා අණුක ජීවවිද්‍යාව ඉගෙන ගෙන උට දැන් ට්‍රැක් පැනලා.👍
ඩයර් වුල්ෆ් කියන නම ගැන කතා කළොත් මට මුලින්ම මතක් වෙන්නේ ෆිල්ම්වල සමහර සිද්ධි. ඒ මොනා උනත් අවුරුදු 125 000 - 13 000 ත් අතර කාල සිමාවේ ජීවත් උනු දැන් ඉන්න වෘකයින්ගේ රූපේට සමාන උනත් ශරීරයෙන් විශාල සත්ත්වයෙක් තමයි ඩයර් වුල්ෆ් කියන්නේ. මෙහෙම කියන්නේ ඩයර් වුල්ෆ්ලාගේ ලැබුණු ෆොසිලවලින් වෘකයින්ට සමාන පරිණාමික බන්ධුතා දක්වන බව සාධක හම්බෙලා තියෙන හින්දා. මේ හින්දා විද්‍යාඥවරු මත පලකරා ඩයර් වුල්ෆ්ලා වෘකයින්ට සමීප ඥාතීත්වයක් තියෙන පූර්වජ විශේෂයක් විදිහට.👀
මට මතක විදිහට අවුරුදු 3,4 කට කලින් මේ අදහස උඩු යටිකුරු වෙන කතාවක් research paper එකකින් එළියට දැම්මා. ඒ තමා ඩයර් වුල්ෆ්ලා කිසිම ආකාරයකින් වෘකයින්ට සමීප ඥාතිත්වයක් දක්වන්නේ නෑ කියලා. ඒ වගේම ඔවුන්ගේ පරිණාමික ක්‍රියාවලිය canis ගණයෙන් වෙන් වෙලා උතුරු ඇමරිකාවේ ස්වාධීනවයි පරිණාමය උනේ. ඉතින් ඒ හන්දා වෘකයින් එක්ක මුහුම් වෙන්න චාන්ස් එකක් නැහැ යි කියලා ඩයර් වුල්ෆ් ලාව canis ගණයෙන් අයින් කරනවා. දැන් මල කෙලියයි කෝ මූට ගණයක් එතකොට? ගොඩක් අයගේ ඒකමතික තීරණයට අනුව වෙනම ගණයක් දෙන්න යෝජනා උනා. Aenocyon කියලා තමා යෝජනා උනේ. ඒ මීට අවුරුදු 107 කට කලින්. ඒත් මේ ගණය පිළිගන්න ඒ කාලේ හිටපු අය අකමැති උනා. ඒත් අවුරුදු 4 කට කලින් මේ research paper එක හින්දා ආයේ මේ කතාව එළියට ආවා. දැන් එතකොට ඩයර් වුල්ෆ් Aenocyon dirus කියලා අපි හදුන්වනවා.🏃♂️
මුලින්ම දෙයක් කියන්නෝනි මේ ඇත්තම ඩයර් වෘකයෝ නෙවේ..ඈ මොන හරුපයක්ද ඒ? 😐
ඔව් අපිට ඒ වඳ වුණු සත්තුන්ව ඒ විදිහටම 100%ක් ම පණ දෙන්න බැහැ. ඔය කියන ආයතනය මෙයාලාව හදලා තියෙන්නේ CRISPR ක්‍රමයෙන් සහ ක්ලෝනිකරණයෙන්.
මේකේ දී වෙන්නේ අළු වෘකයාගේ ජිනෝමය වගේම ඩයර් වුල්ෆ්ලාගේ ජිනෝමයත් අරගෙන දෙකේ වෙනස්කම් සසදලා විශේෂිත වෘක සෛල න්‍යෂ්ටි හදාගෙන ඩයර් වුල්ෆ්ලාගේ ජානවලින් දියුණු කරලා අළු වෘකයින්ගේ න්‍යෂ්ටි ඉවත් කරපු ඩිබ්බ සෛලවලට එක් කිරීමෙන්. කතාව ටිකක් සංකීර්ණ යි. උපරිම සරලව කීවේ.
ඕන් ඔතැනින් පස්සේ මම මුලින් කියපු කතාව තමා ඩයර් වුල්ෆ්ලා ඇත්තටම ඩයර් වුල්ෆ්ලා නොවෙන්නේ. මොකද අලු වෘකයා සහ ඩයර් වෘකයා ළගම නෑයො නෙවේ. ඩයර් වුල්ෆ්ලා කලින් කීවා වගේම ඇමරිකානු brand එකක්.අනිත් අය යුරේශිය්වේ පරිණාමය උනේ. අනික ඩයර් වුල්ෆා ගේ හම්බුණේ ෆොසිල. ෆොසිලවලින් කරන්න පුළුවන් වෙන්නේ සැකිල්ල නිර්මාණය කරගන්න එක විතරයි. අඩුම ඩයර් වුල්ෆ්ලා සුදු ද කළු ද කොහොම පෙනුමක් තිබ්බාද කියලා මෙලෝම අදහසක් අපිට ගන්න බෑ. මුලින්ම ඔලුවට දාගන්න ඕනි ඕක. ඕන් ඔහොම ෆොසිලවලින් සැකිල්ල හදද්දී තමා මීටර් වෙන්නේ මේ ඉන්නේ අළු වෘකයා නේද කියලා. ඒ කියන්නේ සමීප ඥාතිත්වයක් නැති උනත් සමාන්තර පරිණාමික ක්‍රියාවලියකින් සමාන හැඩතල එනවා. උදාහරණෙකට යුරෝපයේ ඉන්න ඒ පරිසරයේ හැදෙන එකෙකුයි ලංකාවේ ඉපදිලා යුරෝපයේ හැදෙන එකෙකුයි අතරේ ඥාතිත්වයක් නැති උනත් ඒ පරිසරවලට අනුවර්තව සමාන ලස්සනක් හිමි වෙන්න පුළුවන්. (මාත් ඒ වගේ එකෙක්😂 අතරින් පතර මාවත් ප්‍රොමෝට් කරගන්නවා)
ඉතින් කොහොමත් මේ අය හයිබ්‍රීඩ් සත්තු නේ. ඒ වගේ අයගෙන් බලාපොරොත්තු වෙන්න බෑ 100%ක් පිරිසිදු සතෙක්. එදා හිටපු ඩයර් වුල්ෆ් එක්ක හැරෙන්නවත් බෑ මේ අයට. ඒ කොහොම උනත් අළු වෘකයාගේ ජිනෝමය එක්ක ඩයර් වුල්ෆ් ගේ ජාන compare කරන්න ජාන 20000 ක් වගේ තියෙනවා. ඒ අතරිනුත් 20 යි සමාන වෙන්නේ. ඒකෙනුත් 5 ක් මෙයාලාගේ ලොම් වල පාටට වැය වෙද්දී අනිත් 15 න් තමා ඩයර් වුල්ෆ්ලා හැදෙන්නේ. ඒකත් 99.5%යි සමාන වෙන්නේ. ඉතින් ඒ හන්දා සමහර උපකල්පන මත අළු වෘකයාගේ ජාන 15 එඩිට් කරනවා. එඩිට් කරනවා කියන්නේ ඒ තියෙන ඒවාම වෙනස් කරන එකයි නැතුව අලුතින් එක් කරන්නේ නෑ.
දැන් මීටරෙන් ඉන්න පොරක් නම් ඔයාට හිතෙනවා එහෙම එඩිට් කරන්න හරි අපි එයාලාගේ පෙනුම දැනගෙන ඉන්න එපැයි කියලා
ඕන් ඕක තමා මටත් ප්‍රස්නේ.😂 හිම වගේ සුදු පාට වෙන්න නම් හිම කලාපවල ඉන්න නිදර්ශක වෙන්නැපැයි. ඒත් ඩයර් වුල්ෆ් ලා වියළි උණුසුම් කලාපවල රජ කරපු අය. GOT එක හදපු මාටීන් ප්‍රධාන ආයෝජකයෙක් වුණ නිසා වෙන්නැති මෙහෙම සුදු පාට කරන්න ඇත්තේ.
😂නැත්තම් මේ වගේ රූපානුදර්ශ තීරණය කරන්න බෑ හිතූමනාපෙට. මේක නම් මරු කියලා සයන්ස් පේජ් වල හැදුනට මේක දැන් වෙද්දී දැඩිව විවේචනය වෙන කාරණාවක්!! අදට ඇති✋
ප්‍රස්න තියේ නම් ngl එකට දාන්න😂
https://ngl.link/janiru_ransith07
අවුරුදු කුමාරයාගේ දවසත් ළගයි.😂 දන්නෝ දනිති...
🖋Janiru Ransith
𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
3767
13:28
10.04.2025
imageImage preview is unavailable
ඔබ දන්නවාද?
🇮🇸ඔබ මේ දකින්නේ ලොව හුදෙකලාම නිවසයි. එය අයිස්ලන්තයට අයත් මුහුද මැද කුඩා දූපතක පිහිටයි. 🏠
එහෙම තැනක ජීවත් වෙන එකත් එක අතකට නිදහසක්...😇❤𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
4701
01:29
10.04.2025
imageImage preview is unavailable
1985 දී, පෙප්සි ආයතනයේ සේවය කළ කෙනෙකු සමඟ විවාහ ගිවිස ගැනීම නිසා කොකා-කෝලා ආයතනයේ සේවකයෙකුව සේවයෙන් පහ කරන ලදී. 🥤🥲
අනේ මන්දා මේව නම්...😂𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
4798
09:37
09.04.2025
close
Reviews channel
keyboard_arrow_down
- Added: Newest first
- Added: Oldest first
- Rating: High to low
- Rating: Low to high
4.7
4 reviews over 6 months
Excellent (50%) In the last 6 months
Very good (50%) In the last 6 months
m
**lcasino.games@*****.com
On the service since December 2024
13.12.202410:47
4
Prompt placement
Show more
New items
Channel statistics
Rating
25.8
Rating reviews
4.7
Сhannel Rating
17
Subscribers:
27.9K
APV
lock_outline
ER
8.2%
Posts per day:
1.0
CPM
lock_outlineSelected
0
channels for:$0.00
Subscribers:
0
Views:
lock_outline
Add to CartBuy for:$0.00
Комментарий